Friday 19th of June 2026

English Tamil
Advertiesment


දෘශ්‍යාබාධිතයන්ට ජාතික සභාවේ නියෝජනයක් ලබාදෙනවා


2024-08-07 14871

 

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය සමග පැවැති සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටිය්ය.

දෘශ්‍යාබාධිත ජනතාවගේ අයිතීන් සොයා බැලීමට ලැබීම ගැන සතුටු වන බවත් මේ අයට ජාතික සභාවේ නියෝජනයක් ලබා දීමටත් දෘශ්‍යාබාධිත අයට අවශ්‍ය උපකරණවලට ගසා ඇති බදුවලට විසඳුමක් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය සමග පැවැති සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටිය්ය.එසේම ජල විදුලි සම්බන්ධතාවයේ සහ බිල්වලට මීට පෙර ලබා දුන් සහනාධාරය නැවත ලබා දෙන බවත් ආබාධිත පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාර සහ ආධාර ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආබාධිත ප්‍රජාවගෙන් 3% රැකියා සඳහා වෙන් කිරීම මෙන්ම නිවාස වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේ ආබාධිත හා දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ ගැටලුවලට ප්‍රගතිශීලී විසදුම් ලබා දෙන බවය

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment